Saturday, August 29, 2026
HomeNEWSතම දඬුවම ගැන යළි සලකා බලන්නැයි රන්ජන් අධිකරණයෙන් ඉල්ලයි

තම දඬුවම ගැන යළි සලකා බලන්නැයි රන්ජන් අධිකරණයෙන් ඉල්ලයි

තම දඬුවම ගැන යළි සලකා බලන්නැයි රන්ජන් අධිකරණයෙන් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා  ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර රන්ජන් රාමනායක මහතා මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img