Friday, August 28, 2026
HomeNEWSඋතුරේ විරෝධතා පා ගමන සිව්වන දිනටත්

උතුරේ විරෝධතා පා ගමන සිව්වන දිනටත්

උතුරේ විරෝධතා පා ගමන සිව්වන දිනටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (06) සිව්වන දිනටත් පැවැත්වුණි.

විරෝධතාකරුවන් පවසන්නේ යුධ සමයේදී උතුරේ ජනතාවට සිදුවූ ආසාධාරණ සම්බන්ධයෙන් සහන සලසන්නැයි ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවය.

උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරන්නැයි  බලකරමින් දෙමළ ජාතික සන්ධානය මෙය ක්‍රියාත්මක කරයි.

එම පෙළපාලිය අද වවුනියාවේ සිට මඩු මංසන්ධිය හරහා කිළිනොච්චිය බලා ගමන් කිරීම සිදුවිය.

විරෝධතාකරුවන් මඩු මංසන්ධියේ ඉදිකර ඇති මඩු මෑණියන්ගේ ප්‍රතිමාව අසළ ඉටිපන්දම් දැල් වූ අතර එම අවස්ථාවට දේවස්ථානවල පියතුමන්ලා කිහිපදෙනකු ද එක්විය.

යුද්ධයේදී මියගිය සහ අතුරුදන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසත්, පුරාවිද්‍යා භූමි තුළ ඇති තම ඉඩම් සහ යුද හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරන ලෙසත් මෙහිදී විරෝධතාකරුවන් බල කර සිටි අතර ඊට සහාය දුන් මුස්ලිම් නියෝජිතයන් කොවිඩ් මෘතදේහ භූමදානයට ඉඩ දෙන ලෙස ඉල්ලා ඊට එක්වී තිබුණි.
 
විරෝධතාකරුවන් හෙට කිලිනොච්චියේ සිට පොලිකන්ඩි යන ප්‍රදේශයට ගොස් විරෝධතාව අවසන් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img