Friday, August 28, 2026
HomeNEWSඑකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ්

එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ්

එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ්

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් එක් ආසාදිතයෙකු පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථානයක දී ජීවිතක්ෂයට පත්ව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ. ගනේෂ් මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරමින් සිටිය දී ගුරුවරියකට ප්‍රථමයෙන් කොවිඩ් ආසාදනය වී ඇති අතර, පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කළ ගුරුවරියගේ සැමියාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබුණි.

එම නීතිඥයවරයාගේ 74 හැවිරිදි පියාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමුකර සිටිය දී පසුගිය දා ජීවිතක්ෂයට පත්ව ඇත.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආසාදිතයන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමුකර තිබේ.

පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයාගේ බිරිඳට සහ තවත් පුතෙකුට ඊයේ (06) දින කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img