Friday, August 28, 2026
HomeNEWSජීවත්වීම වෙනුවෙන් ජන සටන අරඹමු.

ජීවත්වීම වෙනුවෙන් ජන සටන අරඹමු.

ජීවත්වීම වෙනුවෙන් ජන සටන අරඹමු.

වෙන්දේසිය ගජරාමෙට සිදුවන බවත් බඩු මිල අහස උසට නැග ඇති බවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(06) ලුණුගම්වෙහෙර අග්බෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී කීය.

පොදුවේ ගත්කල මේ රටේ ජනතාව ඉතාම අසීරු අවස්ථාවක ටයි මුහුණ දෙන්නෙ . මෑත ඉතිහාසයේ මේ වගේ කෙටි කාලයක් තුළ මේ තරම් දැවැන්ත පීඩනකාරී ජන ජීවිතයකට රටේ ජනතාව මූණ දීලා නෑ . එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බෑ . බඩු මිල ඉහළ යෑම තුළ වෙනදට ලබපු ආහාර ප්‍රමාණයෙන් කොටසක් පමණයි අද අනුභව කරන්නේ . තමන්ගෙ  පරිභෝජන රටාවන් වෙනස් වෙලා . තමන් ජීවත් වුණු ආකාරය සහමුලින්ම උඩු යටිකුරු වෙලා .  ජනතාව අසරණ වෙලා .ජනතාවගේ අසරණභාවය තවත් වැඩි වෙලා තිබෙනවා රජයේ ක්‍රියා කලාපය තුළ . දැන් බොහොම ප්‍රසිද්ධියේ කියනවා බඩු භාණ්ඩ 27ක මෙච්චර ප්‍රමාණයක් මිල අඩු කරනවා කියලා .ජනතාවගේ පැත්තෙන් හිතලා මම ප්‍රාර්ථනා කරනවා ප්‍රකාශනයට පත් කරපු ආකාරයටම ඒ මිලටම ඒ බඩු ගැනීමට රටේ ජනතාවට හැකියාව ලැබේවායි කියලා .මීට මාස ගණනාවකට පෙර භාණ්ඩ මිල පාලනය පිළිබඳ අත්දැකීම බොහොම අමිහිරියි.දැන් අද තියෙන ලොකුම විහිළුව තමයි ස්ථාවර මිලක් ,අඩු මිලක් පාලනය කරන්නට රජය ගැසට් ගහනකොට, ගැසට් එකක් ගැහුවා   කියන්නෙ තිබුනටත් වැඩිය මිල වැඩි වීම. සීනි පිළිබඳ අත්දැකීම ,පරිප්පු ද ,සැමන් ද , සහල් ද , දැන් අමුතුම ක්‍රමයකට පොල් ගෙඩියෙ මිලත් ,වට ප්‍රමාණය බලලා ටේප් පටි පාවිච්චි කරගෙන, වෙනත් උපකරණ පාවිච්චි කරගෙන පොල් ගෙඩිය මනින අලුත් සූත්‍රයකුත් රටට හඳුන්වලා දීලා තියෙනවා . මට කියන්න තියෙන්නේ  මිත්‍රවරුනි “අනේ රටට ගිය කල ” .

 පුදුම අසහනයකින් ජනතාව ජීවත් වෙන්නේ . හැබැයි මේ අසහනයට විරුද්ධව ,මේ පීඩනයට විරුද්ධවීමට දැන් කාලය එළඹිලා තියෙන්නේ. අපි හැමෝටම එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව ,සාමකාමීව මේ ජීවත් වීමේ අරගලය මහපාරට ගෙනියන්න කාලය ඇවිත් තියෙන්නෙ .

කාලවකවානුවක් දීලා තමන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුමක් ලැබෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ජන අරගලයකට ප්‍රවේශ වන්න . ප්‍රජාතන්ත්‍රවාදය ජන අරගලය හරහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දිනා ගන්නට ඕන .මෙච්චර රටේ ප්‍රශ්න තියෙනවා. නෙළුම් කුලුණු හැදුව ,පහුගිය දවසක මැණික් කුළුණකුත් හදනවා. බලයට ආවේ කුලුනු හදනවා කියල නෙමේ .බලයට ආවේ  වෙනදටත් වැඩිය හොඳ ජන ජීවිතයක් ජනතාවට උදා කරනවා කියලා .අද  දූ දරුවන්ට අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නට බෑ .ඒ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ,එහි  තිබෙන ගැටලු ,signal  නැතිකම,data කැපෙනවා , data වලට සල්ලි කොහෙන්ද ?පරිගණක උපකරණ නෑ , Tab යන්ත්‍ර  නැහැ ලැප්ටොප් නෑ .මේ  ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව මොනවද කරන්නේ ? ආණ්ඩුව අනවශ්‍ය වියදම් කරනවා .අනවශ්‍ය වන ලෙස රටට ඵලදායි නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා . මහලොකුවට වේදිකාවක් වේදිකාවක් පාසා කිව්වා නේද අපේ ආණ්ඩුව තමයි රට විකුණුවේ කරුණාකරලා දේශප්‍රේමී ආණ්ඩුවක් ගේන්න කියලා . දැන් කොහොමද විකුණන විකිණීම ?ආපු හැටියෙම මොකක්ද කරේ ? එදා මැතිවරණ වේදිකාවේදී කිව්වා හම්බන්තොට වරායේ අයිතිය රටට ගන්නවා කියලා .දැන් මොකක්ද කරන්නේ ? ආපු හැටියෙ ගිවිසුම හරි කියලා එය එලෙසම පවත්වාගෙන යනවා කියලා තීන්දුවක් ගත්තා .ඒ තීන්දුවෙන් ආරම්භ කරපු ගමන අද වන විට නොනවත්වා විකුණන “වෙන්දේසි සූදුවක්” මේ රටේ ක්‍රියාත්මක වෙනවා . 69ලක්ෂයක් රැවැට්ටුවා .මහ මැතිවරණය 68 ලක්ෂයක් රැවැට්ටුව .ආදරණීය ජනතාවනි ඔබ සූදානම්ද දිගින් දිගටම රැවටෙන්න? බොරුව දිනවන්න ලෑස්තිද ? මේ කරන මහ ප්‍රෝඩාකාරී පාලනයට තවදුරටත් ඉඩ ලබා දෙනවාද ?අපි මේ වන්චාකාරී ප්‍රෝඩාකාරී ආණ්ඩුවට තිත තබන්නට ඕන .එය අපි කළ යුතුමයි .අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් .රටේ ලක්ෂ දෙසිය විස්සකට ආසන්න වූ ජන පරපුර වෙනුවෙන් . මම ඔබතුමන්ලාට බොහොම පැහැදිලිවම කියනවා සමගි ජන බලවේග රජයක් තුළ අපේ රටේ සම්පත් දශමයක්වත් අපි  විකුණන්නෙ නැහැ. බලයට පත් වුණු වහාම මේ රජය ක්‍රියාත්මක කරන ජාතික සම්පත් විකිණීමේ මේ වෙන්දේසි සූදුව අපි වහා නතර කරනවාමයි . නතර කරලා අලුත් ආර්ථික ආයෝජන ක්‍රමවේදයකට ඍජු විදේශීය ආයෝජන අපේ රටට ගෙන්වමින් වැඩපිළිවෙළක් බොහොම නිර්මාණශීලීව ක්‍රියාත්මක කරනවා  .දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් රටේ තිබෙන කොට කොහොමද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හැම තැනකම ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදි කරේ ? විදේශීය  ආයෝජකයෝ විශාල මුදල් ප්‍රමාණයක් ගෙනාවා .එදා යුද්ධ දෙකක් තිබුණා .ඒත් ආයෝජකයෝ ආවා .මොකක්ද හේතුව ? විශ්වාසනීයත්වය තිබුනා .අනිවාර්යෙන්ම මේ රටට ආයෝජන ගෙනඒමේ හිතකර ප්‍රතිපත්තියක් තිබුණා . ආයෝජකයින්ට අත දුන්නා .දිරිගැන්වූවා . අද කිසිම වැඩසටහනක් නෑ සෘජු විදේශීය ආයෝජන ලබාගන්න . චීනයෙන්  පිටවන හැම ආයෝජනයක් ම ඉන්දියාවටයි, වියට්නාමය ටයි ,කැම්බොදියාවටයි, ඉන්දුනීසියාව ටයි යනවා , ලංකාවට විතරක් එන්නෙ නෑ . මොකක්ද හේතුව ? අද තියෙන ප්‍රතිපත්තිය නෙමේ හෙට තියෙන්නෙ . දැන් අර ටයිල් වල මිල නියම කිරීමේදී ,බදු මිල නියම කිරීමේදී ,බදු ප්‍රතිශත නියම කිරීමේදී ඒ තීන්දුව ම ඇති ආයෝජකයින්ගේ හිත් වල අවිශ්වාසය නිර්මාණය කරන්න . අවිනිශ්චිතභාවය නිර්මාණය කරන්න. අවිශ්වාසය තිබෙන කොට,අවිනිශ්චිතතාවය තිබෙන කොට කිසිමආයෝජකයෙක් පැත්ත පළාතක එන්නේ නෑ . එනිසා මිත්‍රවරුනි පැහැදිලිවම අර 69 ලක්ෂයක්, 68 ලක්ෂයක් මුළා වුණු ජනතාව අපි ලඟට ගන්නට සූදානම් .මම ඒ ඇත්තන්ට කියන්න කැමති තුන්වැනි වතාවටත් රැවටෙන්න එපා . හතරවෙනි වතාවටත් රැවටෙන්න එපා .ජන දුක හඳුනන ජන දුක නිවන ඒ  වගේම මේ රටේ සතර දිග්භාගයේම සංවර්ධන යුගයක් නිර්මාණය කරන සමගි ජන බලවේගය අපි සමග එකතු වෙන්න . අපි සතුව තමයි සැබෑ දේශප්‍රේමිත්වය තිබෙන්නේ. සැබෑ දේශ ආලය තිබෙන්නේ . මොහොතකටවත් හිතන්න පුළුවන්ද මේ ගොල්ල කතා කරපු ආකාරයට මේ වගේ මහා පාවාදීමක් සිදු කරයි කියලා? මේ රටේ සම්පත්, මේ රටේ දේපළ ලක්ෂ දෙසිය විස්සක් පොදු ජනතාවට අයිති දේපල තුට්ටු දෙකට වෙන්දේසි කරන වෙන්දේසි සූදුව තමයි මේ රටේ මෑත කාලයේ නිර්මාණය වුණු දැවැන්තම පාවාදීම . 69ලක්ෂයේ  වරම ලබා ගත්තෙත් දිනපු හැටියෙ රට පාවාදෙන්න . මම ඔබතුමාලට කියන්න කැමති අපි ඒ 69 ලක්ෂයත් එකතු කරගෙන අපේ  දැවැන්ත ජන සම්පතත් ඒකරාශී කරගෙන රටත් ජනතාවත් මාතෘ භූමියත් ඒ වගේම හර්ධ සාක්ෂියත් පාවා නොදෙන ,අපේ ආත්ම ගරුත්වය අපි පාවා නොදෙන රට සුරකින රට දියුණු කරන අලුත් මගට ප්‍රවේශ වන්නට ඔබ සියලු දෙනාම සූදානම් වන්න.  ලෑස්ති වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට. අපි මහ පාරට බහිනවා බහිනවාමයි. මිනිසුන්ගේ  ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අපි මහ පාරට බහිනවා ,එයට නායකත්වය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සියලු දෙනාටම සෞභාග්‍යවත් අනාගතයක් පතනවා. ලබන සතියේ අන්තය අප පවත්වන ජංගම සේවය තුලින් පෞද්ගලික ගැටළුවලට විසඳුම් ඉල්ලපු බොහෝදෙනෙකුගේ ඉල්ලීම් ක්‍රම  ක්‍රමයෙන් ඉෂ්ට කිරීමට කටයුතු කරනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img