Wednesday, August 26, 2026
HomeNEWSකෲඩියා සිලනිකා ගස ගැන උසස් පෙළ ජීව විද්‍යා පොතේ ඇති සටහන

කෲඩියා සිලනිකා ගස ගැන උසස් පෙළ ජීව විද්‍යා පොතේ ඇති සටහන

කෲඩියා සිලනිකා ගස ගැන උසස් පෙළ ජීව විද්‍යා පොතේ ඇති සටහන

“කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ශාකය ආරක්ෂා වන අයුරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ හැකියාවක් පවතින්නේදැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් සිදුකර තිබේ. 

පරිසර අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය. 

රතු දත්ත පොතට පවා ඇතුළත්ව පවතින මෙරටට ආවේණික ශාකයක් වන පඬු කරඳ හෙවත් Crudia zeylanica වර්ගයේ ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මේ වන විට ඒ පිළිබඳ දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.

ශාකය පිහිටි ස්ථානයට අද පෙරවරුවේ පැමිණි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ හිමිවරු පිරිසක් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ශාකය ත්‍රිවිධ රත්නයට භාරකෙරුණි.

එහිද අදහස් දැක්වු උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකේ තියනවා ජීව විශේෂ නෂ්ට වීම කියලා. ජීව විශේෂයක් නෂ්ට වෙනවා කියලා අදහස් කරන්නේ , ජීව විශේෂයක හිටපු අන්තිම සාමාජිකයත් මේ ලෝකයෙන් තුරන් වෙලා යෑම. ඒ ගොල්ලො ආය දකින්න ලැබෙන්නේ නෑ. එතකොට රනිල ශාකයක් තියෙනවා කෘෘඩියා සිලනිකා , ශ්‍රී ලංකාවේ. ඒක ලෝක උරුමයක්.  ඒක ආරක්ෂා කිරීම යම් කිසි රජයක ප්‍රධානතම කර්යභාර්යක්” යනුවෙනි.

මේ අතර, විෂයභාර අමාත්‍යවරයා පවසන්නේ ශාකය ආරක්ෂා කරගැනීම සඳහා වූ යෝජනා මාර්ග සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img