Saturday, August 22, 2026
HomeNEWSසහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

පොලිස් මාධ්‍ය  ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බවය.

සහරාන් නැමැත්තා විසින් කාන්තාවක් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වු බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්තිවලට සහභාගී වු අදාළ කාන්තාව ඊයේ (19) දිනයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ සහෝදරයන් තිදෙනා හා පියා ද මේ වන විට බන්ධනාගාර ගතකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img