හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ආරම්භ කළ මාරාන්තික උපවාසයට එක්වු ගොවීන් තිදෙනා රෝහල්ගත කර තිබේ.
ඊයේ (10) සවස උපවාසය අවසන් කෙරුණු අතර, රාත්රී 7.00ට පමණ එම ගොවීන් තිදෙනා සූරියවැව ප්රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ සත්යග්රහය තවදුරටත් ක්රියාත්මක වේ.
කෙසේවෙතත් වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්රික් ලේකම්වරයා හරහා විරෝධතාකරුවන්ට සිය ඉල්ලීම වූ අදාළ ගැසට් පත්රය මසක් ඇතුළත නිකුත් කරන බවට ඊයේ දැනුවත් කිරීමත් සමඟ ආරම්භ කළ මරාන්තික උපවාසය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණි.
මාරාන්තික උපවාසය අවසන් වුවද ගැසට් පත්රය නිකුත් කරන තෙක් සත්යග්රහය තවදුරටත් ක්රියාත්මක වේ.






















