අමෙරිකාවේ තුන්දාහක් මියගිය 9/11ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමේයි පවත්නා වෙනස සජිත් රටට හෙලිදරව් කරයි.
වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අලව්වේ දී පැහැදිලි කරනු ලැබීය.රටක් පාලනය කරනකොට වගකීමත් වගවීමත් දෙකම අවශ්‍ය බව ද ඒ මහතා කීය.
රටක් පාලනය කරන විට ජනතාව වෙනුවෙන් වගකීමත් වගවීමත් පාලකයින් විසින් කළ යුතු දෙයක් බවත් ඉන් බැහැර වීමට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.ඒ
මහතා මේ බව ප්‍රකාශ කළේ අලව්ව කිරිවානාපොල ධර්මවර්ධනාරාමයෙහි අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
දිවංගත එස්.එස්. ඩී. ස්ටීවන් මැතිතුමාට පිං පිනිස එතුමාගේ බිරිඳ ඩබ්. ඒ.එස්. මැණිකේ මහත්මිය හා දියණිය ඒ.ඒ.ඩී හේමමාලි අමරසිංහ මෙනවිය විසින් ඉදිකරන්නට යෙදුණු විහාරස්ථානයෙහි වාහල්කඩ විපක්ෂ නායකතුමාගේ සුරතින් සගසතුකොට පූජා කරන ලදී.






















