සහල් මිල පාලනයට කෘෂිකර්ම ඇමතිගෙන් තවත් උත්සාහයක්
සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක සංචිතය සකස් කළ පසු රටේ සහල් මිල තීරණය කිරීමට වී මෝල් හිමියන්ට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කන්නයේදී සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක අතිරික්තයක් පළමු වරට පවතින බවය.
“එක එක්කෙනා මාධ්‍යට ඇවිත් කියනවා හාල් නෑ. හිඟයක් තියෙනවා කියලා. හැබැයි මේක තමයි ඉතිහාසයේ දැවැන්තම අස්වැන්න. හාල් මෙට්‍රික්ටොන් මිලියන 3ක්, වී මෙට්‍රික්ටොන් මිලියන 5ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා 2021 වසරේ. එහෙනම් ඇයි අපිට බැරි හාල් සාධාරණ මිලට පාරිභෝගිකයාට දෙන්න. දැන් අපි ළඟ තියෙනවා වී මෙට්‍රික්ටොන් 50,000ක්. මගේ ඉලක්කය ලක්ෂ 2ක සංචිතයක්. අපි ලක්ෂ 2ක සංචිතය හැදුවට පස්සේ ඔය මෝල්කාර එක මහත්තයෙකුට නටන්න හම්බවෙන්නේ නෑ. රටේ හාල් මිල තීන්දු කරන්නේ අපි.”






















