Saturday, August 15, 2026
HomeNEWSසෞඛ්‍ය උපදෙස් නොතකා මගීන් රැගෙනයන බස් ගැන තීරණය

සෞඛ්‍ය උපදෙස් නොතකා මගීන් රැගෙනයන බස් ගැන තීරණය

සෞඛ්‍ය උපදෙස් නොතකා මගීන් රැගෙනයන බස් ගැන තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මගීන් ප්‍රවාහනය නොකරන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ යම් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව මේ වනවිටත් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

“දැන් ජනතාව පාරේ යනවා වැඩියි. ඒ නිසා බස් රථ සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මගීන් රැගෙන යනවා. දැන් මේක ගැටලුවක් වෙලා. ඒ නිසා ලබන සතියේ සාකච්ඡා කරලා මේ ගැන තීන්දුවක් ගන්නවා,”යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමග පොදු ප්‍රවාහන සේවා සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයායුතු බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව පෞද්ගලික බස් රථ ගාස්තුව ද ඉහළ දැමීමට රජය පියවරගත් අතර මේ වනවිට වැඩිකළ බස් ගාස්තුව අයකළ ද මගීන් ආසන සංඛ්‍යාව ඉක්මවා රැගෙන යෑමට බස්රථ සේවකයින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “යම් අවස්ථාවල මගීන් හිටගෙන යනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා. ඒක වැරදියි. මේ ගැටලුව හෙට සිට තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. බස් ධාවන කාලසටහන් නැවත සලකා බැලිය යුතුව තියෙනවා. අපේ ස්ථාවරයත් ආසන ගාණට තමයි මගීන් රැගෙන යායුතු කියලයි,” යනුවෙනි.

ඔහු සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඉහළ දැමූ බස් ගාස්තුව යළි අඩු කිරීමට එකඟ නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img