Friday, August 14, 2026
HomeNEWSඉඩම් හා රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉඩම් හා රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉඩම් හා රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජනාධිපති නීතීඥවරයෙක් සහ බස්නාහිරි පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙක් බේස්ලයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරු ඉඩම් සහ රැකියා ලබාදීමට තමාට හැකි බව පවසා විවිධ පුද්ගලයිගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී ජනාධිපති නීතීඥවරයෙක් ලෙස ඔහුගේ නම සහිත මුද්‍රාවක් ද සොයා ගෙන ඇත.

එම පුද්ගලයා අද (02) අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img