ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය (01) දින අන්තර්ජාලය ඔස්සේ “එක රටක්! එක නීතියක්! සැමට සමානව සලකමු!” යන තේමාව යටතේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් පවත්වනු ලැබීය.
එහි මුලසුන ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාරත්න හේරත් මහතා විසින් දරනු ලැබූ අතර ප්‍රධාන දේශනය ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිදු කළේය.
මෙම අවස්ථාවට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,






















