බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආයදායම් බලපත්ර නිකුත් කිරීම 2021.05.28 වන දින දක්වා අත්හිටුවා තිබු අතර එය 2021.06.06 දක්වා දීර්ඝ කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ජේ.එම්.සී කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කර ඇත්තේ, රට තුළ උද්ගත වී ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බවය.
එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්ර නැවත ලබා ගැනීමේ දී 2021.06.30 දින දක්වා දඩ මුදල් අය නොකෙරෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්රමය යටතේ ආදායම් බලපත්ර ලබා ගත හැකිය.






















