ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙළක්…….
– සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර පාලනය කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
නිවාස ආශ්රිත ගංවතුර බැස යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට මූලිකත්වය දෙන ලෙස ද අමාත්‍යවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.
දිස්ත්‍රික්කයේ ඇල වේලි,වැව්, ගංගා, මෝය කට ආදී සියලුම ජලය බැසයාමේ මූලාශ්‍ර ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් ද මේ අතරම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එවැනි ක්‍රමවේදයක් ඉකුත් මහින්ද රාජපක්ෂ රජය මගින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කළ අතර එකල මෙවැනි තත්ත්වයන් වාර්තා නොවූ බවද සිහිපත් කල අමාත්‍යවරයා සඳහන් කළේ එම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමට යහපාලන රජය අපොහොසත් වූ බවයි.
ජලය බැසයාමේ ඇල, වේලි, මෝයකට ආදී මූලාශ්‍ර නිසියාකාරව නඩත්තු කිරීම වසර කිහිපයක් ප්‍රමාද කල විට විශාල වියදමක් දරමින් නැවතත් මුල සිටම එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සිදුවන බව ඇමැතිවරයා පෙන්වා දෙයි
වත්තල ග්රාමනිලධාරි වසම් 38ක්, කැලණිය ග්‍රාම නිලධාරි වසම් 37ක්, බියගම ග්‍රාම නිලධාරී වසම් 37ක්, ජා ඇල ග්‍රාම නිලධාරී වසම් 40ක් , කටාන ගාම නිලධාරී වසම් 44ක්, ගම්පහ ග්‍රාම නිලධාරී වසම් 56 ක්, මහර ග්‍රාම නිලධාරි වසම් 24ක්, අත්තනගල්ල ග්‍රාම නිලධාරී වසම 39ක්, මිනුවන්ගොඩ ග්‍රාම නිලධාරි වසම් 25 ක්, දියුලපිටිය ග්‍රාම නිලධාරී වසම් 30ක්, දොම්පේ ග්‍රාම නිලධාරි වසම් 32ක්, මීරිගම ග්‍රාම නිලධාරී වසම් 16ක්, මීගමුව ග්‍රාම නිලධාරි වසම් 4ක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 422ක ජනතාව ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබේ.
ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම් කඩිනම් කරන ලෙස ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු ප්‍රධානීන්ට අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
දැනට වාර්තා වන අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 397442ක පුද්ගලයින් 161383ක් ආපදාවට ලක්වී ඇති අතර පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.
ආපදා තත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 4 සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 160 කට අර්ධ හානි සිදුව තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට පිසූ ආහාර හා වියළි සලාක සැපයීම වෙනුවෙන් රුපියල් 9020000ක මුදලක් ද මේ වන විට වෙන්කර තිබේ.






















