Wednesday, October 28, 2026
HomeNEWSසයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

චීනයේ බෙයිජිං නුවරින් අද අලුයම 12.15ට එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය අලුයම 05.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 865 දරන දෙවන ගුවන් යානය අනෙක් එන්නත් මාත්‍රා මිලියනය රැගෙන, අද අලුයම 01.45ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලුයම 06.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අද උදෑසන “දෙරණ අරුණ” සමඟ එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් මේ මාසය තුළ ලැබීමට නියමිත බවය.

ඊට අමතරව තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තුන්වන සතියේ ද ස්පුට්නික් V එන්නත් තොගයක් මේ මාසය තුළ දී ද ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ලැබී ඇති බව ද පැවසු යුද හමුදාපතිවරයා, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සිටින වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට ජූලි මාසය අවසන් වීමට පෙර එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img