Wednesday, October 28, 2026
HomeNEWSමව, පියා, නැඟණිය සහ මස්සිනා එකතු වී කළ අමානුෂික ඝාතනය

මව, පියා, නැඟණිය සහ මස්සිනා එකතු වී කළ අමානුෂික ඝාතනය

28 හැවිරිදි සිය පුතුට පහර දී ඝාතනය කළ මව පියා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ සිඟිති දියණියන් දෙදෙනාට මේ වන විට කිසිදු පිහිටක් නොමැති තත්ත්වයක් උදා වී තිබේ.

හසලක 7 ඇළ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුනිල් නිශ්ශංක අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

සුනිල් සිය දරු පවුල සමඟ ඔහුගේ මව්පියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක ජීවත්විය.

ස්ථිර රැකියාවක් නොතිබූ සුනිල් සිය දරු පවුල ජීවත් කරවූයේ කුලී වැඩ කරමිනි.

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අඟහරුවාදා රාත්‍රියේ තම ස්වාමියාට පොලුවලින් පහරදුන් බව සුනිල්ගේ බිරිඳ පවසයි.

“බත් බෙදලා විනාඩි 5ක් වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා. මහත්තයා දුවගෙන යාවා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පන්නනවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා. මම යද්දි නංගිගේ මහත්තයායි තාත්තයි දෙන්නම ගහනවා පොලු දෙකකින්. මම වැන්දා ඒ අයියගේ කකුල් දෙක අල්ලගෙන මගේ මහත්තයාට ගහන්න එපා කියලා. මාව පයින් තල්ලු කරලා කිව්වා මට කරන්න දෙයක් නෑ මගේ ගෙදරට ඇවිල්ලා මට ඉන්න දෙන්නේ නෑ ඒකයි ගහන්නේ කියලා ගැහුවා. බේරන්න බැරිම තැන මම ලොකු බබාව අරන් එතනට ගියා. මෙයා කෑ ගහලා ඇඬුවා සීයේ,“සීය ද අපේ තාත්තට ගහන්නේ“ කියලා. තාත්තා පොල්ල අරගත්තේ මටයි දරුවටයි. නංගි මාව ඇදගෙන ඇවිල්ලා ගෙදර දාලා දොර වැහුවා. උඩහ අක්කා කෙනෙක් ඇවිල්ලා දොර අරිනකොට මගේ මහත්තයාට හොඳටම ගහලා ඉවරයි. මහත්තයා අන්තිමට ඉල්ලුවේ වතුර. “ 

ඇය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමෙන් පසු හසලක පොලීසිය පැමිණ සුනිල් හසලක රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සුනිල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළත් ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි.

සුනිල්ගේ මරණයත් සමග ඔහුගේ බිරිඳ සිඟිති දියණියන් දෙදෙනා සමඟ පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.

“මට කවුරුත් නෑ. මගේ සහෝදරයා මගේ යාළුවා මගේ මහත්තයා තමයි. මගේ අම්මා තාත්තත් මගේ මහත්තයා. බබා හම්බවෙලා ඉන්න කොට ඔක්කෝම කරේ මගේ මහත්තයා. අද මට කවුරුත් නෑ. මමයි මගේ දරුවෝ දෙන්නයි විතරයි අසරණ වුණේ.“ 

මව්පියන් විසින් සිය පුතු මරාදැමීමෙන් පසු සුනිල්ගේ දේහය තැන්පත් කිරීමට ද සිදුව ඇත්තේ ගම්මානයේ පිහිටි ප්‍රජා ශාලාව තුළය.
 
එම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසින් ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවිය.

මියගිය සුනිල්ගේ මව පියා සහ නැගණිය මෙන්ම ඇගේ ස්වාමි පුරුෂයා හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img