අද (11) උදෑසන 6 සිට ක්රියාත්මක වන පරිදි ප්රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේ, දිස්ත්රික්ක දෙකකට අයත් ප්රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බවය.
මේ අතර අද උදෑසන සිට රත්නපුර දිස්ත්රික්කයේ අයගම පොලිස් බලප්රදේශයේ පරගල ග්රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.
හුදකලා බව ඉවත් කළ ප්රදේශ පහතින් දැක්වේ.
කොළඹ දිස්ත්රික්කය
දෙමටගොඩ පොලිස් බලප්රදේශයේ,
ආරාමය පෙදෙස 66 වත්ත
තලාහේන දකුණු ග්රාම නිලධාරී වසමේ,
විජය මාවත
ජයගත් මාවත
තලාහේන උතුර ග්රාම නිලධාරී වසමේ,
ජයගත් මාවත
සත්සර මාවත
ඉසුරු මාවත
සමනල මාවත
තැපැල් පෙට්ටිය හංදිය
රත්නපුර දිස්ත්රික්කය
රත්නපුර පොලිස් බලප්රදේශයේ,
කහන්ගම කොස්ගල වත්ත






















