Wednesday, October 28, 2026
HomeNEWSඇමති රෝහිත ගේ ආරාධනාව පිළිගෙන සජිත් අධිකරණ අමාත්‍යාංශයට යයි.

ඇමති රෝහිත ගේ ආරාධනාව පිළිගෙන සජිත් අධිකරණ අමාත්‍යාංශයට යයි.

මාධ්‍ය මර්ධනයට සැරසෙන කිසිවෙකුට ඊට ඉඩ නොදෙන බවත් එවැන්නක් කිරීමට සැරසෙන බලවේගය වලට එරෙහිව සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේදී පසුගියදා ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණය අමාත්‍යාංශයේ පැවැති සමාලෝචන රැස්වීමට අද(12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක් අතරතුර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විපක්ෂ නායකතුමාට අදාල සාකච්ඡාවට සහභාගීවන ලෙස ආරාධනා කළ අතර ඒ අනුව විපක්ෂ නායකතුමා මීට එක්විය.

මධ්‍ය මර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කරන බවට පැතිර යන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නීතීඥයින් පිරිසක් රැගෙන විත් සාකච්ඡාවක් පැවැත් වූ බවට පිළිගෙන ඇති බවය.ජනතාවගේ දුක රටට කියන මාධ්‍ය මර්ධනය කිරීමට කිසිදු අයිතියක් නැති බවත් කිසිම මාධ්‍යකට වැටකඩොලු බැඳීමට හෝ බලය ගන්නා තුරු මාධ්‍ය ගැන තිබෙන ආදරය බලය ලබාගත් පසුවත් තිබිය යුතු බවත් ඒ මහතා පැවසීය.ශීලාචාර ශිෂ්ටසම්පන්න රටක හෝ ලෝකයක මාධ්‍ය මර්ධනය යථාර්ථයක් නොවන බව පැවසූ හෙතෙම පවසා සිටියේ මාධ්‍යට තිබිය යුත්තේ මාධ්‍ය විසින්ම පනවාගත් සවයං වාරණයක් පමණක් බවය.

අධ්‍යාපන වෘත්තීය සමිති සහ අධ්‍යාපනවේදීන් විසින් ඉදිරිපත් කළ අරගල වලදී ආණ්ඩුව හැසිරුණ ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බවද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img