ශ්රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගියදා ත්රිකුණාමලය වරායෙන් පිටත්වූ “ශක්ති” නෞකාව එම සායනික ඔක්සිජන් තොගය රැගෙන අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්රී ලංකාව බලා පිටත්විය.
එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්රවාහනය සඳහා යෝදාගනුලබන “ශක්ති” නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්රියේ ශ්රී ලංකාව බලා පිටත්වී තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් ශ්රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඔක්සිජන් රැගත් මෙම නෞකා අගෝස්තු මස 22 වනදා සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දුවීමට නියමිතය.



























