තිස්සමහාරාම සඳුන්ගම, මුතියම්මාගම ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් තිබේ.
තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්රදේශයේදී බෙරලිහෙල සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමේදී බෙරලිහෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී ඊයේ (18) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි ත්රීරෝද රථය ඇදී ගොස් ගේට්ටු කණුවක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසියේ ක්රියාකලාපය සම්බන්ධයෙන් ප්රදේශවාසීහු පොලීසිය ඉදිරිපිට සිය අප්රසාදය පළ කළෝය.






















