යතුරුපැදියේ පසුපැදිකරු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරුට කිසිදු හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.
ප්රදේශවාසීන් පවසන්නේ බේරුවල නගර සභාව මඟින් දැනට මාසයක පමණ කාලයක් පුරා මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බවය.
මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන බව ට වු පෙර දැනුම්දීමේ පුවරුවක් හෝ එම ස්ථානයේ සවිකර නොමැති බවත් ඒ හේතුවෙන් රාත්රී කාලයේ දී එම ස්ථානය ඉතා අනතුරුදායක බවත් ප්රදේශවාසීහු පවසති.
තරුණයින් දෙදෙනා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකිව දුම්රිය හරස් මාර්ගය අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු කම්බි වැට මතය වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර යතුරුපැදිකරු බීමතින් සිටි බව ද බේරුවල පොලීසිය සඳහන් කළ බව අප වාර්තාකරු පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ, බේරුවල මාගලකන්ද ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහක අයෙකි.
බරපතළ තුවාල ලැබු තරුණයා බේරුවල රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලිස් බාරයට ගෙන ඇති අතර, බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






















