කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණිම හරහා සිදුවන්නේ, මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු දීර්ඝ කාලීනව ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට හිමිවීම බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
කෙසේ වෙතත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ, රජය අදාළ සමාගම සමග සංකල්පමය එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවය.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු ඩොලර් මිලියන 250කට අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට පවරා ඇති බවට පසුගියදා පාර්ශ්ව කිහිපයක් චෝදනා කළහ.
මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයට හා සම්බන්ධව මතුව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව, අග්‍රාමාත්‍යවරයා සහ රජයට සහය පළකරන පක්ෂ අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, එය පසුවට කල්දමා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.






















