Wednesday, November 11, 2026
HomeNEWSඅනුරාධපුර රඳවා සිටින LTTE සැකකරුවන් සමග සුමන්තිරන් පැය 2ක සාකච්ඡාවක

අනුරාධපුර රඳවා සිටින LTTE සැකකරුවන් සමග සුමන්තිරන් පැය 2ක සාකච්ඡාවක

අනුරාධපුර බන්ධනාගාර සිද්ධියට මුහුණදුන් එල්.ටී.ටී.ඊ රැඳවියන්ගෙන් බලපෑමකින් තොරව සාක්ෂි ලබාගැනීමට නම් ඔවුන් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ, අද (25) අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් අදාළ එල්.ටී.ටී.ඊ සැකකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. 

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ට තර්ජනය කළ බවට වූ සිද්ධියක් පසුගිය 12 වනදා වාර්තා වුණි. 

අදාළ සිද්ධියට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් මුණගැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් අද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියේය.

උදෑසන 9ට පැමිණි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බන්ධනාගාරයෙන් ඉවතට පැමිණියේ පැය 2කට පමණ පසුවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ යටතේ රඳවා සිටින සියලු සැකකරුවන් නිදහස් කළ යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡාකිරීමට සූදානම් බවට ජනාධිපතිවරයා ජිනීවාවලදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

“ජනාධිපතිවරයා කාත් එක්ක සාකච්ඡා කළත් අපි විරුද්ධ නෑ. නමුත් දෙමළ ජනතාවගෙන් තේරී පත්වෙච්ච නියෝජිතයන් අපි. දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනේ නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒකට විසඳුමක් ගන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img