Wednesday, November 11, 2026
HomeNEWSවිශාල අර්බුදයක් එන බව මට පේනවා - රනිල්

විශාල අර්බුදයක් එන බව මට පේනවා – රනිල්

ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූයේ ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා නිසා යැයි තමාට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“මම අද පුවත්පත්වල කියෙව්වා විදේශ කටයුතු ඇමති එක්සත් අරාබි එමීර්හී විදේශ ඇමතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා අපේ ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබාගන්නා. සාමාන‍්‍යයෙන් ඔවුන් එසේ කරන්නේ නැහැ, නමුත් මම පතනවා එය අපිට ලැබෙන්න කියලා. ඒ වගේම මට දැනගන්න ලැබුණා ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීම ප්‍රමාද වුණෙත් අපිට ඩීසල් සඳහා මුදල් ගෙවන්න හැකියාව නොලැබුණු නිසා කියලා. දැන් අපි ඩීසල්වලට ගෙවලා තියෙනවා, ඩීසල් අපිට එමින් තියෙන්නේ. එය ඔක්තෝබර් 01 වෙද්දි ආවේ නැත්නම් යළිත් ඔක්තෝබර් මැද දක්වා කල්දාන්න වෙයි. රූපවාහිනියක් ගන්න පවා ප්‍රශ්න තියෙනවා. ඔබට මෝටර් රථයක් ගන්නත් බැහැ. අපි ආනයනයට වැඩිබරක් තියෙන ආර්ථිකයක්. අපිට විදේශ විනිමයවලින් ගෙවන්න විශාල ණය බරක් තියෙනවා. අපේ විදේශ සංචිත ඉතා පහළ තියෙන්නේ. රජයේ ණය බර ඉහළයමින් තියෙනවා. අපි කොහොමද මෙයට මුහුණදෙන්නේ. ගෝලීය තත්ත්වය මේකට කිසිසේත් අදාළ නැහැ. ලෝකයේ සමස්ථ විදේශ සංචිත ප්‍රමාණය ගත්තම 2020 පළමු කාර්තුවේ සිට 2021 ඒ කාලසීමාව දක්වා කාලය තුළ ට්‍රිලියන 11 සිට ට්‍රිලියන 12 දක්වා වැඩිවෙලා තියෙනවා.  නමුත් ලංකාව විදේශ විනිමය සංචිත පහළ බැහැපු රටක්. එය රඳා පවතින්නේ අපි කොහොමද විදේශ විනිමය කළමනාකරණය කරන්නේ කියන කාරණය මත. මම හිතන විදිහට නම් විශාල අර්බුදයක් එනවා මට පේනවා. රජයට අවුරුද්දක් දෙකක් ඒක ඇදගෙන යන්න පුළුවන් වෙයි. නමුත් යම් අවස්ථාවක අපිට අපහසු තීරණයක් ගන්න සිද්ධ වෙනවා. එච්චරයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img