Wednesday, November 11, 2026
HomeNEWSඅමෙරිකානු ඩොලර් මිලියන 345කට මොකද වුණේ ?

අමෙරිකානු ඩොලර් මිලියන 345කට මොකද වුණේ ?

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මෑත කාලීනව ඇතිවූ ඇතැම් ප්‍රවණතා හේතුවෙන් ගැටලු කිහිපයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ,

රේගුව විසින් වාර්තා කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් පමණ වන බවය.

මෙම අගයන් දෙක අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කෙරේ.

මහ බැංකුව ප්‍රශ්න කරන්නේ, මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් සියයට සියයක් රට වෙත රැගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේ ද යන බරපතළ ප්‍රශ්නය මතු කරන බවය.

මෙම පසුබිම තුළ, විශේෂයෙන් වසංගතය ආශ්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලුකාරී තත්ත්වය මතුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. 

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම පිළිබඳව නිවේදනය කරමින් මහ බැංකුව මේ බව පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img