Wednesday, November 11, 2026
HomeNEWSරැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කර නැහැ -ජාතික ඖෂධ...

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කර නැහැ -ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ලේඛනගත ක්‍රමය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලියාපදිංචි සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු සුරක්ෂිතව පවතින බව එම අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවත්ත මහතා සඳහන් කර ඇත්තේ, ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු 13 ඇතුළු කොවිඩ් ආශ්‍රිත උපකරණවලට අදාළව යොමුකළ සියලු ලිපිගොනු සුරක්ෂිත බවය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව සඳහන් කරමින්, සභාපතිවරයා එම නිවේදනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පළමු හා දෙවන පියවර සම්පූර්ණ කළ අයදුම් පත්‍ර 13ක් ලේඛනගත ක්‍රමය ඔස්සේ තුන්වන හා හතරවන පියවර සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් ව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

පළමු පියවර ලෙස දේශීය නියෝජිත ආයතනය ලියාපදිංචි කිරීමත් දෙවන පියවර ලෙස අදාළ නිෂ්පාදකයාගේ නිෂ්පාදන පරිශ්‍රය ලියාපදිංචි කිරීමත් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම තුන්වන පියවර ලෙස ලියාපදිංචි ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන සාම්පල ආනයනය සඳහා සාම්පල බලපත්‍ර නිකුත් කිරීමත් හතරවන පියවර ලෙස එකී නිෂ්පාදන පරිශ්‍රයේ නිෂාපදනය කරනු ලබන වෛද්‍ය උපකරණ ලියාපදිංචියත් බව එහි සඳහන්ව තිබේ.

ඒ අනුව ඉදිරිපත් වු අයදුම්පත්‍රවලට අදාළව උපකරණ සාම්පල ක්‍රියාකාරීත්වය ඇගයීම, නියමිත විද්‍යායතන මඟින් සිදුකිරීමෙන් පසු වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ තාක්ෂණික කමිටුව හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව අයදුම්පත් 4ක් සඳහා ලියාපදිංචිය ලබාදී ඇත.

තාක්ෂණික ඇගයීමේ දී අදාළ නිර්ණායක සම්පූර්ණ නොකළ අයදුම්පත්‍ර 6ක් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

අයදුම්පත්‍ර තුනකට අදාළව තවදුරටත් ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතින බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img