Wednesday, November 11, 2026
HomeNEWSරාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලැබූ ඊශ්‍රායල් තරුණියගේ සුවදුක් බලන්න සංචාරක ඇමති...

රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලැබූ ඊශ්‍රායල් තරුණියගේ සුවදුක් බලන්න සංචාරක ඇමති යයි.

රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා (29) ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය.
සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත. ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටී තිබේ. ඇයව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වී ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ. ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුව වෙමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.
අද උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇයගේ සුවදුක් විමසා බැලීය. හෙට ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය. තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img