Wednesday, November 11, 2026
HomeNEWSමාවනැල්ලේ බුදුපිළිමවලට හානි සිදුකිරීම ගැන නඩුවේ අලුත්ම තත්ත්වය

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි සිදුකිරීම ගැන නඩුවේ අලුත්ම තත්ත්වය

මාවනැල්ලේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි සිදුකිරීම වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (08) විභාගයට ගත් නඩුව නොවැම්බර් 16 වනදා දක්වා කල්තබන බව සභාපති විනිසුරු ජගත් ඒ කහඳගමගේ මහතා ප්‍රකාශ කළේය.

2018 වර්ෂයේ දෙසැම්බර් මස 26 හෝ ආසන්න දිනකදී මාවනැල්ලේ ස්ථාන කිහිපයකදී බුදු පිළිම කිහිපයකට කිසියම් පිරිසක් හානිකර තිබිණ.
 
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය සහ මාවනැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරුවන් 16 දෙනෙකුට විරුද්ධව අධි චෝදනා ගොනුකිරීම සඳහා අදාළ ගොනුව නීතිපතිවරයා වෙත යොමුකෙරිණ.

චූදිතයන් 16 දෙනෙකු වෙනුවෙන් ගොනු කළ අධි චෝදනා 21ක් අද චුදිතයන් වෙත භාරදීමට අද නියමිතව තිබිණ.

සැකකරුවන් අතරින් 14 හා 16 සැකකරුවන් දෙදෙනා කොවිඩ් ආසාදිතව ප්‍රථිකාර ලබන බව රජයේ අධිනිතිඥවරයා විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

චූදිතයන් හතර දෙනෙකු වෙනුවෙන් නීතිඥයන් පෙනිසිටි අතර කෑගල්ලේ කිසිදු නිතිඥයකු මෙම නඩුව සඳහා පෙනි සිටියේ නැති බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව අධිකරණයේ පෙනි සිටි චුදිතයන් 14දෙනාට නීතිපතිවරයා විසින් අධිචෝදනා 21 යටතේ ගොනුකර තිබු චෝදනා භාරදීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img