Wednesday, November 11, 2026
HomeNEWSපොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා මන්ත්‍රීවරු ජනපති ට ලියති

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා මන්ත්‍රීවරු ජනපති ට ලියති

ගොවි ජනතාව මුහුණ පා සිටින අසීරුතාව සලකා ඔවුන්ට කඩිනමින් රසායනික පොහොර නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු සිය අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ අතර, අක්කර 20,000ක පමණ භූමි ප්‍රමාණයක වී වගාකරන මැදිරිගිරිය කාලිංග ඇළ බෙදුම් ඇල ගොවි සංවිධානයේ ගොවීන් අද (11) උද්ඝෝෂණයක නිරත වුණේ මෙවර මහ කන්නය සඳහා පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමිනි.

මැදවච්චිය රළපනාගම ගොවීන් මෙවර බඩඉරිඟු හා ළූණු ඇතුළු ගොඩබෝග වගාවන් සඳහා පොහොර නොමැති කමින් දැඩි පීඩාවට පත්ව සිටින අතර මැදවච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරයි.

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩකල්ලාගම, යකල්ල, කෝන්වැව යන ප්‍රදේශවල ගොවිජනතාව මේ වනවිට එළඹෙන මහ කන්නයට බිම් සකස් කිරීම සිදුකරන්නේ පොහොර නොමැතිව බඩඉරිඟු ඇතුළු ගොඩ බෝග වගාවන් සාර්ථක කරගතහැකිවේදැයි අවිශ්වාසයෙනි.

ප්‍රදේශයේ අක්කර 10,000කට වැඩි ප්‍රමාණයක් බඩඉරිඟු වගාව සඳහා වෙන්කිරීමට නියමිත වුවද මේ වනවිට ඉන් සියයට 50ක ප්‍රමාණය වගාබිම් සකස් කිරීම සිදුව නොමැත.

මේ අතර පොහොර අර්බුදය මැද වුවද මොරගහකන්ද මහවැලි කලාපයේ ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ නිකපිටිය හා සෑගල ගම්මානවල ගොවීන් යල කන්නයේ ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂයකට ආසන්න අස්වැන්නක් නෙළා ගත්තද සාධාරණ මිලක් නොමැති වීමෙන් අසීරුතාවන්ට මුහුණ පා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img