Wednesday, November 11, 2026
HomeNEWSඋසස් පෙළ සිසුන් එන්නත් ලබාගැනීමට යායුතු පාසල්

උසස් පෙළ සිසුන් එන්නත් ලබාගැනීමට යායුතු පාසල්

වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භවීමට නියමිතය. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් වෙත එන්නත ලබාදීම සිදුකෙරෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන මෙම වැඩසටහන පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා ක්‍රියාත්මකය. 

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 24,000කට එලෙස ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතය.

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ, කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාල තුළය. 

සාන්ත බෙනඩික් විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

  • සාන්ත බෙනඩික් විද්‍යාලය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
  • කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

  • කනපති විද්‍යාලය
  • වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
  • විවේකානන්ද විද්‍යාලය
  • අල් හකීම් විද්‍යාලය
  • මැද කොළඹ හින්දු විද්‍යාලය

මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ,

  • හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
  • දීපංගොඩ මහා විද්‍යාලය
  • සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
  • සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
  • මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
  • කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
  • බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • මෙතෝදිස්ත උසස් විද්‍යාලය
  • අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
  • ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය 

  • එස් ද එස් ජයසිංහ විද්‍යාලය
  • ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
  • නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
  • ඇලීතියා විද්‍යාලය. 

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
  • ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන

  • මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
  • මහරගම මධ්‍ය මහා විද්‍යාලය
  • අංගොඩ රාහුල විද්‍යාලය
  • නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img