ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.
“ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය” මෙරට උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තයට සම්බන්ධ සියලු නියාමන කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා පිහිටුවා ඇත.
ඒ සඳහා පත් කරනු ලබන අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අවශ්‍ය අවම සුදුසුකම් බලශක්ති අමාත්‍යවරයා විසින් එලෙස ගැසට් කර තිබේ.
බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉකුත් 06වනදා ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ මෙම අධිකාරිය පිහිටවනු ලබයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයන් හැර තවත් සිව්දෙනෙකු බලශක්ති අමාත්‍යවරයා විසින් පත් කරනු ඇත.
ඔවුන් නීති, මුදල්, භූ විද්‍යා, ඛනිජ තෙල් කර්මාන්තය, කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්රවල ප්‍රවීණයන් වියයුතුය.
ඔවුන්ට තිබිය යුතු අවම සුදුසුකම් ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුය.
ඒ අනුව අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් එකී අවම සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතු බවට විධිවිධාන ඛනිජ තෙල් සම්පත් පනතට එක් කර ඇත.
එවැනි විධිවිධානයක් ශ්‍රී ලංකාවේ පනතකට එක් කළ පළමු අවස්ථාව ද මෙය බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
























