Wednesday, November 11, 2026
HomeNEWSඑන්නත් කාඩ්පත අනිවාර්යය කෙරෙයි ද?

එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරෙයි ද?

කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා අනිවාර්යය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බවය.

ප්‍රශ්නය – එන්නත් කාඩ් පත යම් යම් ස්ථානවලට අනිවාර්ය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා ද?

“මේක සාකච්ඡා වෙමින් පවතිනවා. නමුත් මේක මම කලිනුත් කියලා තියෙනවා මේකේ තියෙන ප්‍රායෝගික තත්ත්වය. මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ. සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අවශ්‍ය කරන විදියට වාතාවරණය ගොඩනැඟුණොත් සමහර විට ඉදිරියේ දී ඒක ක්‍රියාත්මක වේවි. නමුත් නුදුරු අනාගතයේ එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img