එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, මීරිගම මුද්දරගම ප්රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමිනි.
“අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දඬුවම් කරනවා කියලා මොනවද කළේ ? අරගොල්ලෝ කරපු විදියටම හොරකම් කළා. ඒ ආණ්ඩුව තියෙනකොට අපි දැක්කා එයාර් බස් ගිවිසුම ගැන අහලා තියෙනවා නේ. ඒකෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගැහුවා කිව්වා. එතකොට ඒ ගිවිසුම අපේ ආණ්ඩුව ඇවිල්ලා අහෝසි කළා.
අහෝසි කළේ ලොකු වන්දියක් ගෙවලා. මම හිතන්නේ ඩොලර් මිලියන 150ක විතර වන්දියක් ගෙව්වා. දැන් ඔයගොල්ලො විශ්වාස කරනවාද ඒ වන්දිය ගෙවන්න ගෙවපු එකෙන් අපේ එවුන් ගැහුවා කියලා ඩොලර් මිලියන 20ක්. දැන් මේ පාඩුවක් වෙලා රටෙන් ගෙවනවා ඒක. ගෙවනකොට අපේ එකාගේ සාක්කුවට යන ඩොලර් මිලියන 20ත් එකට දානවා. යහපාලන ආණ්ඩුව. අපේ නායකයා ඇතුළු ඒ අදාළ හිටපු අය වගකියන්න ඕනේ. කට්ටිය ඩොලර් මිලියන 20ක් ගැහුවා. තාම කියනවා ආණ්ඩුව අපට එපා. විකල්පය කවුද කියලා තාම අපෙන් අහනවා. අපි අලුත් පක්ෂයක් හින්දා තාම විකල්පයක් කියලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා ජනතාව තාම ඒ තීරණයට ඇවිලා නෑ.”






















