මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කරනු ලැබීය.
මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයකි.
අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද ඔහු කියා සිටියේය.
“වෙළෙඳ භාණ්ඩ අපනයනය දිරි ගැන්වීම මගින් විදෙස් අදායම වර්ධනය කරගත හැකිය. සංචාරක ව්‍යාපාර දියුණු කිරීම සහ ආනයන ආදේශන නිෂ්පාදනය සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍යයි. ඝෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගත යුතුයි.”
“ඉදිරි දශකය තුළ රට තුළ වැඩිහිටි ජනගහණය වර්ධනය වෙයි”.
“රාජ්‍ය ව්‍යවසායන් 300ක් පමණ තිබෙනවා. වාර්ෂිකව ඒවා වෙනුවෙන් රුපියල් බිලියන 75ක් වියදම් කරනවා”.
“විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත්තා,” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.






















