ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.
මිල ඉහළ පහල යාමට තිරසාර විසඳුමක් ගෙන ඒමට කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.
ඒ සඳහා කරුණු කිහිපයක් ඉවහල් වී ඇති බව මුදල් අමාත්‍යවරයා කීය.
“පරිභෝජන රටාව වෙනස් වීම, නිෂ්පාදන ඵලදායිතාව ප්‍රමාණවත්ව වැඩි නොවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ ගැටලු, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම, නූතන තාක්ෂණයට අනුගත වීම, අතරමැදියන්ගේ ගැටලු ඒ සඳහා ප්‍රබල බලපෑමක් එල්ලකර තිබේ.”
බලශක්ති අර්බුද වැනි අභ්‍යන්තරව පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන්ද භාණ්ඩ මිල ඉහළගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් මිල පාලනයට ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.
ඒ සඳහා මැදි හෝ දිගුකාලීන විසඳුම් ලබාදිය යුතු බව තම විශ්වාසය බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර සමාජ ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් බලවේග රටට වින කරමින් ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යවරයා පැවසීය.
එහිදී අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.






















