Wednesday, November 11, 2026
HomeNEWSඅයවැය වියදම් යෝජනා

අයවැය වියදම් යෝජනා

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මුල්‍ය කළමනාකරණ වැඩසටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මුදල් අමාත්‍යවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

01. කෘෂිකාර්මික ක්ෂේත්‍රය
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙතෙක් නොවූ විරූ ලෙස ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබේ.

02. 2021 අයවැය මගින් යෝජනා කෙරුණු, දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ බද්ධ 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ සහ සේවාවන් සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

03. කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය වල්නාශක භාවිතයෙන් තොරව කුඹුරුවල වල්නෙළීම සඳහා ගොවීන්ට දැරීමට සිදුවන වන අතිරේක වියදම් පියවා ගැනීමට සහනාධාර සැපයීම සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම.

* ප‍්‍රතිපත්ති සම්පිණ්ඩනය

රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප්වලට අදාළ සංශෝධන, විෂමතා ඉවත් කිරීම සහ වැටුප් ව්‍යුහයන් සැකසීම, ජාතික වැටුප් කොමිෂන් සභාව සතු වගකීම බව අවධාරණය කරනවා. එම ආයතන ව්‍යුහයෙන් බැහැරව කටයුතු කිරීමේ දී, අනවශ්‍ය වැටුප් පරිමාණ සහ ව්‍යුහයන්හි නොගැළපීම් අලුතින් නිර්මාණය වන බව අප තේරුම් ගත යුතුයි. ඒ නිසා, එළඹෙන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර, නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීමට මම යෝජනා කරනවා.

* නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම

නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා මේ වන විටත් විසර්ජන පනතින් වෙන් කළ රුපියල් මිලියන 17,005 මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

* වැවිලි ක්ෂේත්‍රය

නැවත සිටුවීම, පාළු සිටුවීම, නව වගාව සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු වේ.

පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමටත්, අපනයන වෙළෙඳපොළ උපක්‍රමශීලිව ජය ගැනීමටත් රුපියල් මිලියන 10,000ක් වෙන් කෙරේ.

*පාරම්පරික ගෘහ කර්මාන්ත ක්ෂේත්‍රය

දේශීය පාරම්පරික ගෘහ කර්මාන්ත ආරක්ෂා කර සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර ඇති මුදලට අමතරව රු මි 1,000ක් වෙන් කෙරේ.

*අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය

2025 දී අත්යන්ත්‍ර හා බතික් ඇතුළු නිෂ්පාදන සඳහා ඇ.ඩො බිලියනයක අපනයන ආදායමක් ඉලක්ක කර තිබේ. 
අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත දියුණුව වෙනුවෙන් රු. මි 1,000ක් වෙන් කෙරේ.

*නව නිෂ්පාදන ආයෝජන කලාප

අලුතින් බිහිකරන නිෂ්පාදන අයෝජන කලාප සඳහා අවශ්‍ය කරන ඉඩම්, විදුලිය, ජලය, අභ්‍යන්තර හා බාහිර ප්‍රවේශ මාර්ග වැනි මුලික යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.

*මුලික යටිතල පහසුකම් සංවර්ධනය

සැමට ජලය වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම කඩිනම් කිරීම සඳහා අමතරව රු මි 15,000ක මුදලක් වෙන් කෙරේ.

*පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම 

පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සඳහා රු මි 500ක් අමතරව වෙන්කර තිබේ.

*නිවාස හා නාගරික සංවර්ධනය

නාගරික නිවාස සංවර්ධනය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයට අමතරව තවත් රුපියල් මිලියන 2,000ක් සහ ග්‍රාමීය නිවාස සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.

*ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

*රට වසා තිබු කාලය තුළ ආදායම් අහිමි වු පාසල් වෑන් රථ හිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු ත්‍රීරෝද රථහිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් ට සහන සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කෙරේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු විශේෂ ක්ෂේත්‍ර සඳහා එනම් කලා නිර්මාණ සහ විනෝදාස්වාදය මත පදනම් ව ක්ෂේත්‍ර සහ උත්සව සේවා සැපයු අංශවල වෘත්තීය කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img