Wednesday, November 11, 2026
HomeNEWSමානසික ආබාධයකින් පෙළෙන පුතා පියා ව ඝාතනය කරයි

මානසික ආබාධයකින් පෙළෙන පුතා පියා ව ඝාතනය කරයි

මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් රිදීගම, පනාගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (14) සවස් කාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස්  වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, 62 හැවිරිදි ගෝපාල, පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ මියගිය පුද්ගලයාගේ 32 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර බෝගස්වැව පොලිස් වසමේ 17 වන පටුමග ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මිගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 26 හැවිරිදි බෝගස්වැව 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෝගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img