අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග මත දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ පැමිණිල්ලකට අනුව තෙල්දෙණිය ප්‍රදේශයේ රජයේ බැංකුවක් අසල දී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේ දී රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ වෝදනා කොමිෂන් සභාව සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරිය අද (18) දිනයේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






















