Wednesday, November 11, 2026
HomeNEWSකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්ථාපන ක්‍රියාවලියට

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්ථාපන ක්‍රියාවලියට

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්තාපන කටයුතු සඳහා භාවිත කිරීම ආරම්භ කර තිබේ.

පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ වසරකට අධික කාලයක් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බවය.

“කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය වසර එකහමාරකට ආසන්න කාලයක් කොවිඩ් -19 යෙන් අසනීප වුණ අය සහ නිරෝධයන කටයුතු සඳහා ලබාදීලා තිබුණා. නැවත අපි ඒක භාර ගත්තා ගිය මාසයේ දී  දැන් මේ වෙන කොට කන්දකාඩුවල පුනුරුත්තාපන කටයුතු පටන් ගෙන තිබෙනවා. කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ අපිට පුළුවන් 1000ක් එකපාර පුනුරුත්තාපනය කරන්න. දැන් ඒ කටයුතු අරම්භ කරලා තියෙන්නේ.”

දිවයිනේ පුනරුත්තාපන ක්‍රියාවලිය පුළුල් කරමින් කාන්තාවන් ද පුනරුත්තාපනය කිරිම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img