බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මැදුරේදී සිදුවිය.
ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම උත්සවයට මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරයයි.
මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලුකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5කින් යුතු මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යෑම සිදුවෙයි.
එමගින් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 126කි.
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 97 ක් බව සඳහන් වෙයි.






















