Tuesday, November 10, 2026
HomeNEWSසෑම කාන්තාවක් ම භීතියෙන් - ගීතා

සෑම කාන්තාවක් ම භීතියෙන් – ගීතා

තමන් උදේ හවස වැඩකරන ගෑස් සිලින්ඩරය පිපිරී යයි යන භීතියෙන්, බයෙන්, සැකයෙන් සෑම කාන්තාවක් ම පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළාය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය.

“සෑම කාන්තාවක් ම භීතියෙන්, බයෙන්, සැකයෙන් ජීවත් වන අවස්ථාවක්. හේතුව, යුද සමයටත් වඩා තමන්ගේ නිවසේ තමන් උදේ හවස වැඩ කරන, ගෑස් එක පුපුරාවි කියන භයානක සිතුවිල්ලෙන් සෑම කාන්තාවක් ම ජීවත් වන බව නොරහසක්. මේ ගෑස් කෑන් පුපුරා යාම පිළිබඳව නිසි පියවර කුමක්දැයි කියා තාමත් අපිට තේරුම් ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ සමාගමේ ම අය කියනවා මේ ප්‍රමිතිය බාලයි. මේ ප්‍රමිතිය හරියට කෙරෙන් නෑ කියලා. ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මේ රටේ කාන්තාවට නිදහසේ නිවහල්ව සතුටින් ජීවත් වීමේ අවස්ථාව ලබාදෙන්න කියලා රජයේ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img