මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් සංග්‍රහයට අනුව ලොකොමොටිව් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සේවයේ යෙදෙන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නිරන්තරයෙන් නිරීක්ෂණය සහ නියාමනය අනිවාර්ය වෙයි.
නමුත් ලොකොමොටිව් රියදුරන් පවසන්නේ එවැනි නිසි නියාමනයක් සිදු නොකෙරන අතර ඇතැම් දුම්රිය අනතුරුවල දී ඊට බල පෑ සැබෑ හේතූන් සැඟවීමක් ද සිදු කෙරෙන බවය.
දුම්රිය, මහාමාර්ගයේ ප්‍රවාහන මාධ්‍යවලට සාපේක්ෂව වෙනස් ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් වන නිසාම දුම්රිය ධාවනය කෙරෙන්නේ විශේෂිතව බඳවාගන්නා කණ්ඩායමක් මගිනි.
එහි ඇති බැරෑරුම්කම නිසාම දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් බඳවා ගැනීමේදී මෙන්ම සේවයේ යෙදවීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය පරීක්ෂණ මගින් වාර්ෂිකව තහවුරු කරගැනීම අනිවාර්ය කරුණකි.
මෙරට දුම්රිය උපදෙස් සංග්‍රහයට අනුවත් රියදුරන් සහ නියාමකවරුන් වාර්ෂිකව දෘෂ්ඨි පරීක්ෂාවට ලක් කිරීමත් ඔවුන්ට වර්ණ අන්ධතාව නොමැති බව තහවුරුකිරීමත් වයස අවුරුදු 45 සම්පූර්ණ කළ පසු ඔවුන්ගේ රෝග විනිශ්චයන් වාර්ෂිකව නියාමනයත් සිදු කළ යුතුය.
නමුත් මේ වනවිට එම පරීක්ෂාවන් නිසිලෙස සිදු නොවන බව ලොකොමොටිව් ඉංජිනේරුවන් පවසයි.
එසේනම් ඇතැම් දුම්රිය අනතුරුවලට සැබෑ හේතුව එම රියදුරන්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් නිසා ඇතිවූ ගැටලු ද විය හැකිය.
එබැවින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් නිසිපරිදි සෞඛ්‍ය පරීක්ෂාවන්ට භාජනය කිරීමේ ක්‍රමවේදය දැන්වත් නිසිපරිදි සිදුකිරීමට පියවර ගතයුතු බව අද දෙරණ දුම්රිය බලධාරීන්ට සිහිපත් කර සිටී.






















