පිළිමතලාව නගරයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටී 26 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ දෙකිද, බලන ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව පොලීසිය පවසයි.
එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් පසුවෙයි.
පොලිතින් බෑග් හා සහල් උර නිෂ්පාදනය කරන මෙම කාර්මාන්ත ශාලාව මහල් 3කින් සමන්විත බව පොලීසිය පවසයි.
භාණ්ඩ රැගෙන යන විදුලි සෝපානයක් තුන්වන මහලේ සිට භාණ්ඩ පටවමින් සිටියදී පහළට කඩා වැඩි මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















