මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ඩෙල්ෆ් ප්‍රදේශයට ආසන්න මෙරට මුහුදු සීමාවේදී ඔවුන් ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් බවය.
එහිදී ධීවර යාත්‍රා 6ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා මයිලඩි ධීවර වරායට රැගෙනවිත් ඇති අතර ධීවර බළධාරීන් විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.






















