ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අතර මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී මත්පැන් සහ සිගරට් ළඟ තබා ගැනීම සම්බන්ධ සැකකරුවන්, වරෙන්න්තුකරුවන් හා විවිධ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි පුද්ගලයින් සිටී.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ උත්සව සමයේදී සිදුවන අපරාධ වැළැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ මාර්ග බාධක හා ජංගම සංචාර යොදා ගනිමින් මෙහෙයුම සිදුකළ බවය.
මෙහෙයුම තුළදී වාහන 11,162 ක් සහ පුද්ගලයින් 15,685 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.






















