Tuesday, November 10, 2026
HomeNEWSසුනාමියට වසර 17ක් ගෙවෙද්දීත් තවමත් සැනසුමක් නැති මිනිස්සු

සුනාමියට වසර 17ක් ගෙවෙද්දීත් තවමත් සැනසුමක් නැති මිනිස්සු

සුනාමිය සිදුවී අදට වසර 17ක් ගතවී තිබියදීත් එම ව්‍යසනයෙන් සිය නිවාස, ඉඩකඩම් අහිමිවී තවමත් කිසිඳු පිළිසරණක් නොමැති පවුල් පිළිබඳ තවමත් ඇසෙන්නට තිබේ.

එවැනි සිද්ධියක් මාතර කොටවිල ප්‍රදේශයෙන් ද අපට වාර්තා විය.

එසේ නිවාස නොමැති පවුල් සිටියදී සුනාමියෙන් අසරණවූ ජනතාවට ලබාදීමට සෑදු නිවාස රැසක් ජනතාව පදිංචි නොකර විනාශ වෙමින් පවතින්නේ නම් එයද ඉතා ඛේදනීය තත්ත්වයකි.

සුනාමි ව්‍යසනයෙන් සිය නිවාස අහිමිව සිටියදී පෞද්ගලික සමාගමක් සාදාදුන් නිවසක දැඩි අපහසුතාවයෙන් තවමත් ජීවිතය ගත කරන එක පවුලක් ජීවන් වන්නේ මාතර කොටවල ප්‍රදේශයේය.

මෙම ගම්මානයේ තවත් එවැනිම නිවාස 20ක් පමණ ඇති බව වාර්තා වෙයි.

එහි ජීවත් වෙන ලසිකා ජයමාලි,

“අවුරුදු 17ටම මගේ අතේ තියෙන්නේ ලියුම් මිටියක් විතරයි. කිසිම බලධාරියෙක් අපි ගැන හොයලා බැලුවේ නෑ. දැන් ඉන්න තැනත් නිතරම ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් යන්න එන්න තැනකුත් නෑ.” 

මේ අතර සුනාමිය නිසා අසරණවූ ජනතාවට ලබාදීමට සෑදු  නිවාස රැසක් ගාල්ල දඩල්ල අයි.ඩී.එච්. වත්තේ තිබෙන අයුරුද දැකගත හැකිවිය.

මෙම නිවාස වල්වැදී ඇති අතර එම නිවාස කසල දමන ස්ථාන බවට පත්වී තිබීම ද ඉතා කනගාටුදායක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img