Tuesday, November 10, 2026
HomeNEWSරනිල්, කථානායකගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

රනිල්, කථානායකගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

එළඹෙන 18 වනදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට පසුගිය දෙසැම්බර් 13 වනදා තීරණය කළ අතර ජනවාරි 18 වනදා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භකිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19 20 හෝ 21 යන දිනවලදී පැවැත්විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img