Tuesday, November 10, 2026
HomeNEWSකොළඹ වරාය නගරයේ විවෘත කිරීම් කිහිපයක් - චීන විදේශ ඇමතිත් එක්වෙයි

කොළඹ වරාය නගරයේ විවෘත කිරීම් කිහිපයක් – චීන විදේශ ඇමතිත් එක්වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (08) රාත්‍රී මෙරටට පැමිණියේය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිනි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

චීන විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේදීම කොළඹ වරාය නගරය නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව තිබුණි.

වරාය නගරයේ විවෘත කිරීම් කිහිපයකට ද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද සහභාගී වීමට නියමිතය.

එමෙන්ම මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ද සැලසුම් කර තිබේ.

මෙ අතර, චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මෙහිදී සිදු කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img