Tuesday, November 10, 2026
HomeNEWSඅධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන
14වැනිදා
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින
(14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා
පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත
පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ
අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම
පාපැදි ශූරතාවලිය පැවැත්වේ.
ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට
යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි
තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.
මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ පිරිමි
කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ
කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල්
ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම
තරගාවලිය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට
අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.
සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි
කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම
අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ
යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත්
එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන්
කිරීමට නියමිතය.

මාධ්‍ය නිවේදන අංක

  • 303
    2022.01.11

මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට
සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එහි තොරතුරු පහත පරිදි වේ.

ස්ථාන
ය

සුපිරි සහ 23න්
පහළ
පිරිමි කාණ්ඩය

කණිෂ්ඨ
පිරිමි
කාණ්ඩය

සුපිරි කාන්තා
කාණ්ඩය
01 100,000/- 50,000/- 50,000/-
02 75,000/- 40,000/- 40,000/-
03 50,000/- 30,000/- 30,000/-
04 40,000/- 27,500/- 25,000/-
05 35,000/- 22,500/- 20,000/-
06 30,000/- 20,000/-
07 25,000/- 17,500/-
08 20,000/- 15,000/-
09 15,000/- 12,500/-
10 10,000/- 7,500/-

අන්තර්ජාතික මට්ටමේ පා පැදි තරග පසුබිමක් අනුව යන මෙම තරගාවලියේ දී
දුර ප්‍රමාණය, ධාවන මාර්ගය ආදිය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩක
ක්‍රීඩිකාවන් සිය හොඳම කාල වේගය වාර්තා කොට සුපිරි දක්ෂතා දක්වනු ඇති
බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.
කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාපැදි ක්‍රීඩාවට මෙම
තරගාවලිය නව ආරම්භයකි.
මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
‘’අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා
අමාත්‍යතුමාට. එතුමන් විසින් කර කරන ලද ඉල්ලීමකට අනුව පාපැදි
සම්මේලනය මේ සඳහා අවසර ලබා දී තිබෙනවා.

අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි විධායක ජනාධිපති
වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ගය
විවෘත කිරීමට පෙර එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට දින
කිහිපයක් විවෘත කර තබමින් අවස්ථාව සලසා දුන්නා.
ඒ වගේම අද නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමත්
සමග පාපැදි තරගාවලියක් පවත්වා ඒ අවස්ථාව ජනතාවට ලබාදීමට කටයුතු
සලසා දෙන ලෙස ඉල්ලීමක් කළා.
මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර මෙම පාපැදි
තරගාවලිය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධව
එතුමාට මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.
අධිවේගී මාර්ගයක පාපැදි ක්‍රීඩා කර ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට
හැකිවීම පාපැදි ශූරීන්ට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මා දකිනවා.
අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
සහභාගිත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිත යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය, මහා
මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා පාපැදි
සම්මේලනයේ සභාපති එච්.එල්.ක්‍රිෂාන්ත, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්
නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img