Tuesday, November 10, 2026
HomeNEWSබුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ! 07කට මුල් ගල් තැබෙයි!

බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ! 07කට මුල් ගල් තැබෙයි!

“දිනන රට පුබුදන කර්මාන්ත” : කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ! 07කට මුල් ගල් තැබෙයි!

‘දිනන  රට පුබුදන කර්මාන්ත’ වැඩසටහන යටතේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බුත්තල කර්මාන්තපුරයෙහි  කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්ත ශාලා 07ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) එම කර්මාන්තපුර පරිශ්‍රයේදී පැවැත්විණි.

කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කර්මාන්තකරුවන් සඳහා අගයදාම සංවර්ධන අරමුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජානිපෙ දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img